Top Ad

Made for kids සිංහලෙන්

 Made for kids සිංහලෙන්

Made for kids update එක පිලිබදව You tube help වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගතහැකිය.නමුත් එය ඉංග්‍රීසි භාෂාවෙන් පවතින අතර මෙය එම වෙබ් අඩවියෙ තොරතුරු වල සිංහල විග්‍රහයකි.

                     
    Photo by Sharon McCutcheonfrom Pexels

ඔයා you tube එකේ කොයි මට්ටමේ creator කෙනෙක් වුනත්, ඔයාගේ වීඩියෝ ළමයින්ට හදලා තියෙද නැද්ද කියල You tube එකට කියන්න ඕනේ. මේ විදියේ වෙනස්කම් සිදු කරන්නේ එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිෂන් සභාව (FTC) සමඟ ඇති කර ගත් ගිවිසුමකට අනුව සහ ළමයින්ගේ මාර්ගගත රහස්‍යතා ආරක්ෂණ පනත (COPPA) සහ වෙනත් අදාළ නීතිවලට අනුකූල වීමට ඔයාලට උදව්වක් විදියට.ඔබගේ content එක හරියට හදලා නැත්නම් යූ ටියුබ් වලින් ගැටලු ඇති විය හැකිය.

ඔයාගේ චැනල් එක හරි චැනල් එකේ වීඩියෝ හරි ළමයින් වෙනුවෙන් හදල තියෙද නැද්ද කියල තීරණය කරද්දි පල්ලෙහා කරුණු සලකා බලන්න


1.විඩියෝවේ විෂය කරුණු ළමයින් වෙනුවෙන්ද

2.වීඩියෝවට ළමා නළුවන් හෝ නිරූපිකාවන් ඇතුළත් වේ ද යන්න.

3.සජීවීකරණ චරිත(Animated characters) හෝ කාටූන් රූප(Cartoon) හෝ සෙල්ලම්බඩු(Toys) වීඩියෝවෙහි අඩංගු වේද

4.සරල රංගනය, සරල ගීත හෝ ක්‍රීඩා, හෝ මුල් අධ්‍යාපනය වැනි ක්‍රියාකාරකම් ඇතුළත් වේ ද යන්න

5.වීඩියෝවේ ළමුන් සඳහා ගීත,කතන්දර හෝ කවි ඇතුළත් වේද

6.Content එක දරුවන්ට ප්‍රචාරය කරන්නේද යන්න.

  • ඔබගේ video එකට මේ සාධක සමහරක් ඇතුළත් විය හැකි නිසා එය ඔයාගේ අනුදැනුමක් නැතුව        ළමයින් සඳහා සාදන ලද්දක් නොවේ. ඔබගේ video එක සහ ඉහත සාධක තක්සේරු කිරීමේදී ඔබ ඔබේ වීඩියෝ සමඟ සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ කවුරුන්ද යන්න ඔබ ප්‍රවේශමෙන් සලකා බැලිය යුතුය. 

ළමයෙක් කියල සලකන වයස් සීමාව 13 යි. 13 ට අඩු ඕනෑම අයෙකු ළමයෙක්.කෙසේ වෙතත්, වෙනත්        රටවල  ළමයෙකුගේ වයස වැඩි විය හැකිය.You tube වලට අදාලව ළමයෙක් කියන්නේ මම කලින් සදහන් කල විදියේ කෙනෙක්.අපි හැම වීඩියෝ එකේම Made for kids ද නැද්ද කියල සදහන් කරන්න ඕනේ.මම මගේ You tube Channel එකේ වීඩියෝ එකක් කරල තියෙ කොහොමද හරියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කියල.ඒක බලන්න.එතනදි made for kids select කරන හැටි කියල දෙනව.පහල ලින්ක් එකෙන් ඒක බලන්න

Video Link - http://vismuene.com/4aZm

Yt Studio App එකෙන් මේ විදියට හදන්න පුලුවන්

Pc එකෙන් කරද්දි මෙහෙම step එකක් තියෙ

උඩ ලින්ක් එකෙන් මගෙ full video එක බැලුව නම් හරි ඔයාල.
ළමයින් වෙනුවෙන් හදන විඩියෝ මේ විදියට upload කරන්න වෙනව ඔයාලට අනිවාර්යෙන්ම.මේ වීඩියෝ වල අවාසි කීපයක් තියේ.

 1.ළමයින්ට සුදුසු Ad විතරයි ඔයාගේ වීඩියෝ වලට ලබාදෙන්නේ
 2.Notification Bell එක touch කරන්න බැහැ
 3.Comments දාන්න බැහැ.
    

    
Image credits - Bilippi Educational Videos for kids

වැඩිවිස්තර FTC's blog අඩවියෙන් ලබාගත හැකිය.

                                  මේ වගේම වැදගත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු.



Post a Comment

0 Comments